Tuesday, March 9, 2021


                    කිරිල්ලී ....❤





ඉපනැල්ලේ  වෙල් යායේ

විදි  සුළඟ  හසරැල්ලේ 

දොළ අයිනේ  දිය කඩිති 

මග  බැලුවෙ  එක පොකුරේ

දඟකාර  කටකාර

සිඟිත්තියෙ  නුබෙ කෝල 

මා ගෙපැල   ගෝතමියි

අඳුරේ  ආලෝක දෙන



 කරවටේ   අත දමා

ලූණු කරෙ  යන් කියූ 

ගමරාළ   කතන්දර 

නිදි යහන  හැඩ කෙරූ

කාලයත්  සෙමින් අද

නෙත් වසා  නුඹ තැනූ

කෙලිලෝල  සිඟිත්ති ද 

අද ඔබම   මේ සිතූ



සරසවිය  සවිය වී

නුඹට  ඇරයුම් කෙරූ

ජීවිතේ  නැවතුමක්

නැවත  ඒ මං තැනූ

සිදාදියෙ රස්නෙ නුඹ

තවම රහ  නොව බැලූ

කෙලෙස මා  යවන්නද

නිතර සිත්  දොඩමළු 



දෝණියේ  සිදාදිය 

නුහුරු නුපුරුදු  වුවත් 

ගමේ රස  කෑම දැන් 

ඉඳහිටක  රස බලත්

කූඩුවේ  නුබ රැක්ක

කිරිල්ලී  වෙන්  උනත්

නුබම   දැන්  සවියගන්

පියඹන්න  ලොව බලන් .


                                     සෙව්...✍️















   



                       

12 comments:

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...