ගුරුතුමී... 💔
නෙරිය ඉන හැඩ කෙරූ
ඔසරියට ලස්සනට
පාට මුතු පබළු කැට
කරවටේ තනි මැකූ
හිමිදිරියේ කඩිසරව
ලතාවට අඩි තැබූ
උදෑසන නුබ ඈත
එනවාද මග බැලූ
ඒ මතක අද හඩයි
නුබ හිදින නෙත් දුටු
සුදු ඇඳුම් ඇඳි කාලේ
නුබෙන් කන පිරි බැනුම්
නොමඟ යන්නට නොදී
ළඟ රැඳුණු ඒ ගුණන්
දණ ගසා පන්තියේ
එකල දුන් දඬුවමුත්
නැවත අද සිහි කෙරුණි
කඳුළු කැට එක්කරන්
කාලයක් ගෙවී ගොස්
මතක ඇත පොදි බැඳන්
එදා ඒ දුටු රුවත්
සෙමෙන් අද සඟවමින්
කන් පිරූ නුබෙ හඬත්
නොදැන අද ගොළු කරන්
කියන්නට දහක් දේ
තිබුණ බව හදවතින්
නුබෙ මුවෙන් ගැලූ ඒ
කඳුළු කැට දෙයි වදන්
හදවතත් ඇවිලිලා
යන දුකක් වන තරම්
නුබෙ රුවත් එක් තැන්ව
සිටි සැටිත් නෙත් තෙමයි
එදා ඒ උදාරව
සිටි ඔබ ද මේ කියන්
ගුරුතුමී නුබ අදත්
දෙයි නිහඬ ඔවදනත්
සෙව්....👍



Lassana adahasak
ReplyDeleteLassanai
ReplyDeleteGodak lassanai ❤❤
ReplyDeleteApit nm ඔහොම teacher hitiye naaa .spit hitiye yala payayi goda payayi thiyan hitapu මිනිස්සු 😂
ReplyDeleteWaw😜
ReplyDeleteLassanai👍👍
ReplyDelete👍✍️✍️✍️
ReplyDelete❤❤👏👏
ReplyDelete❤️❤️🔥
ReplyDelete🙏👏❤
ReplyDelete❤️🌟❤️
ReplyDeleteNice💖
ReplyDeleteඅමතක නොවන ගුරුවරියක් අප කාගෙත් සිත් වල සිටී 💛🤗
ReplyDeleteNiyamai
ReplyDeleteSuperb.. Keep it up
ReplyDelete👌👌lassany❤️❤️
ReplyDeleteLassani😍❤️
ReplyDeletesuper
ReplyDeleteලස්සනයි
ReplyDelete