Sunday, February 21, 2021

                           ගුරුතුමී...  💔




නෙරිය ඉන හැඩ  කෙරූ
ඔසරියට  ලස්සනට
පාට මුතු  පබළු කැට 
කරවටේ  තනි මැකූ
හිමිදිරියේ  කඩිසරව
ලතාවට  අඩි තැබූ
උදෑසන  නුබ ඈත
එනවාද  මග බැලූ
ඒ මතක  අද හඩයි 
නුබ හිදින  නෙත් දුටු


සුදු ඇඳුම්  ඇඳි කාලේ
නුබෙන් කන  පිරි බැනුම් 
නොමඟ  යන්නට නොදී
ළඟ රැඳුණු  ඒ ගුණන්
දණ ගසා   පන්තියේ 
එකල දුන්  දඬුවමුත්
නැවත අද  සිහි කෙරුණි 
කඳුළු කැට  එක්කරන් 


කාලයක්  ගෙවී ගොස් 
මතක ඇත  පොදි බැඳන්
එදා ඒ දුටු  රුවත්
සෙමෙන්  අද සඟවමින් 
කන් පිරූ  නුබෙ  හඬත් 
නොදැන  අද ගොළු කරන්
කියන්නට  දහක් දේ 
තිබුණ බව  හදවතින්
නුබෙ  මුවෙන් ගැලූ ඒ
කඳුළු  කැට දෙයි වදන් 


හදවතත්  ඇවිලිලා
යන දුකක්  වන තරම්
නුබෙ රුවත්  එක් තැන්ව
සිටි සැටිත් නෙත් තෙමයි
එදා ඒ  උදාරව 
සිටි ඔබ ද  මේ කියන් 
ගුරුතුමී  නුබ අදත්
දෙයි  නිහඬ  ඔවදනත්

                                සෙව්....👍












19 comments:

  1. Apit nm ඔහොම teacher hitiye naaa .spit hitiye yala payayi goda payayi thiyan hitapu මිනිස්සු 😂

    ReplyDelete
  2. අමතක නොවන ගුරුවරියක් අප කාගෙත් සිත් වල සිටී 💛🤗

    ReplyDelete

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...