දොම්නස් කදුලු බිදු
දරාගත් සෝසුසුම් කියන්නට ලෝකයට
වචනයක් වේය නුබ
සගවගත් ලය මඩෙලෙ
උනන්නට ගලන්නට
ලයට එක් වී එකට
සැනසුමක් ඉසිලුවේ නොවෙ ද හොර රහසේම
තනන්නට වැව් අමුණු
නොතිබුණත් ගැලූ බිදු
දෙකපුලෙන් වෑහෙමින්
වැගිරෙමින් ලය තෙමා
යටි සිතක් දබරයෙක
උඩු සිතක් හා ගැටෙන
නිමාවක් නෙත් දරයි
ගලන ගගුලක දිගේ
කන්නගී කෝවලන්
අන්දරේ විරහවත්
නැගූ ඒ කදුලු බිදු
තනන්නට ගිනි පුලිඟු
වියෝවක් දරාගත්
පතිනියක හදවතක්
යසදරා වත ගොතක්
කෙලෙස නම් පවසම් ද
දරාගත් කදුලකුත්
නොවන්නෙද සද වතක්
ලෙසට මහමෙරු පරුවතක්
රලු වුව ද ගල් මෙන් සිතක්
විරහවත් වියෝවත්
හා බැදුණු දොම්නසත්
මුදු මොලොක් පියුමකට
පෙරලවයි නෙත් දෙකක්
කියන්නට කරන්නට
නොහැකි වූ දහක් දේ
හදවතින් හදවතට
යාකරන තොටුපොළක්
හබල් දිය රැලි නගා
එගොඩ මෙගොඩත් කරන
විලස නැගි කදුලු කැටි
ලය දරයි සිත් සොරා
ලෙයක් කිරකට හැරූ
සෙනේ වුව සොම්නසක්
විටෙක මහ දොම්නසක්
පෑරුව ද හදවතක්
යටකරන වැහි වලාවක්
විරහවේ කදුලැලිත්
උණුහුමේ වෙලාගත්
ගලයි දිය ධරාවල්
රක්ත වූ නෙලුපුලුත්
සෙව් .....✍️


Hithata denena nisadesak.....❣️👍
ReplyDeleteLassanai
ReplyDeleteGreat 🔥
ReplyDeleteLassanyi ❤❤👍
ReplyDeletePatta sew...
ReplyDeleteHithata denuna adahasak...
💕👍
Lassnai
ReplyDeleteLassanai❤️👍
ReplyDelete👍👍
ReplyDeleteNisadesa athule thiyana theruma godk lassanai..♥️ great.. thawath me wage dewl kranna👌
ReplyDeleteKeep it up 👍❤️
ReplyDeleteGodak lassanay sew
ReplyDeleteNiyamay❤
ReplyDeleteNiyamay❤
ReplyDeleteCreative article dr
ReplyDeleteNiyamayy
ReplyDeleteGreat❤️👌
ReplyDeleteNiyamay sew.👌❤️
ReplyDeleteSuper 😘😘
ReplyDelete👍👍👍
ReplyDeleteලස්සනයි
ReplyDeleteSuperb ❤️🤟
ReplyDeleteSuperb👍
ReplyDeleteLassanai 👌👌
ReplyDelete❤️🤩🤩🤩🤩
ReplyDeleteGreat 😍🤩🤩
ReplyDeleteGrate things
ReplyDelete👉💜️💜️
ReplyDeleteThanks all
ReplyDelete