කිරිල්ලී ....❤
ඉපනැල්ලේ වෙල් යායේ
විදි සුළඟ හසරැල්ලේ
දොළ අයිනේ දිය කඩිති
මග බැලුවෙ එක පොකුරේ
දඟකාර කටකාර
සිඟිත්තියෙ නුබෙ කෝල
මා ගෙපැල ගෝතමියි
අඳුරේ ආලෝක දෙන
කරවටේ අත දමා
ලූණු කරෙ යන් කියූ
ගමරාළ කතන්දර
නිදි යහන හැඩ කෙරූ
කාලයත් සෙමින් අද
නෙත් වසා නුඹ තැනූ
කෙලිලෝල සිඟිත්ති ද
අද ඔබම මේ සිතූ
සරසවිය සවිය වී
නුඹට ඇරයුම් කෙරූ
ජීවිතේ නැවතුමක්
නැවත ඒ මං තැනූ
සිදාදියෙ රස්නෙ නුඹ
තවම රහ නොව බැලූ
කෙලෙස මා යවන්නද
නිතර සිත් දොඩමළු
දෝණියේ සිදාදිය
නුහුරු නුපුරුදු වුවත්
ගමේ රස කෑම දැන්
ඉඳහිටක රස බලත්
කූඩුවේ නුබ රැක්ක
කිරිල්ලී වෙන් උනත්
නුබම දැන් සවියගන්
පියඹන්න ලොව බලන් .
සෙව්...✍️



Good 👍
ReplyDeleteGreat sewwa ❤
ReplyDeleteGodak lassanay sew anee...❤️❤️❤️❤️
ReplyDeleteගොඩක් ලස්සනයි💙
ReplyDeleteමේ වගේ ලස්සන නිර්මාණ හැමදාම කරන්න 😍gd jb 🙆♀️ 💙
ලස්සනයි ගොඩක්.... 😍
ReplyDeleteලස්සනයි ගොඩක්.... 😍
ReplyDeleteLassanai😍😍
ReplyDelete✍️✍️🤩🤩😍
ReplyDelete👌👌👌👌👍
ReplyDelete💖
ReplyDeleteNiyamai
ReplyDelete💙
ReplyDelete