Sunday, February 14, 2021

ආදරයට ආදරෙයි ද ? 💔

 




රතු රෝස  පොහොට්ටුවේ

රැඳී ගත්  ආදරය

මුලා වූ  සිත් දුවයි 

කැලැන්ඩරේ මාසෙකට

තේරුමක් නොහඳුනන

කාසි කොළ මිටි සොයන

ආදරේ  මනින්නට

හදවතින්  හදවතට

දැනෙන ඒ බැඳි  ස්නේහ

දවසකට  රඟන්නේ ද

ලෝකයට  පෙනෙන්නට 



අතීතය දුරස් වී

ලොවත්  අද  වෙනස් ඇත

වචනයක්  පමණ ලග

ආදරේ  රැඳී ඇත

ආටෝප  සාටෝප

මවන්නට  පෙනෙන්නට 

මනින්නෙ ද  ආදරය

මිනුම්දඬු   ලෙසින් අද



සෙනෙහසක්   ආදරෙන්

හදවතෙන්  පුදන්නට 

පෙම්වතුන්  වීම වෙද

සැම දෙනට  පෙනෙන්නට

භව කතරේ  රැඳී ගත්

ආදරේ  පිළිරුවත් 

මා දකින  සෙනේවත්

රුවයි   සිදු යශෝධරාවත්



දුකෙ ද  සතුටෙ ද  රැඳී එක ලෙස

සසරෙ  සිටි  ඒ කතාවත්

ප්‍රේමයක බැදි  අරුත පෙන්වයි 

ලයන්   රැදි  ඒ බැඳීමත් 

භවයෙන්  භවයක  පතා එන්නට 

පෙරුම් පිරූ   පෙම් පුරාවත්

ප්‍රේමයක  නිසි අරුත්  පෙන්වයි

පුදසුනක පෙම් කතාවක් 



දිනන් සති  ප්‍රේමයට ඉඩ කඩ 

තබනු කිම  ඒ බැඳීමුත්

ඉවතලන  කැලි කසල  ගොඩ මෙන් 

විසි  කරන්  පෙම් නිමාවන්

හදවතක්  හඳුනන්න  බැරි හිත්

මවන අද ලෝ කලාවත්

නවම් මස දින වෙන්  කරන් කිම 

සැමරුමට පෙම් වෙලාවක්


                                                    සෙව් .....✍️





















29 comments:

  1. කාලීන සංවේදී පැදි ගොනුවක්

    ReplyDelete
  2. Godaak lassanai aruthbarai sewwa.....

    ReplyDelete
  3. "මා දකින සෙනනේවත්
    රුවයි සිදු යශෝධරාවත්" ... 🔥💙🙏
    ගොඩක් ලස්සනයි ❤️

    ReplyDelete
  4. Etta sew💝... Godak arthwath👌 lassanay💞...

    ReplyDelete

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...