රතු රෝස පොහොට්ටුවේ
රැඳී ගත් ආදරය
මුලා වූ සිත් දුවයි
කැලැන්ඩරේ මාසෙකට
තේරුමක් නොහඳුනන
කාසි කොළ මිටි සොයන
ආදරේ මනින්නට
හදවතින් හදවතට
දැනෙන ඒ බැඳි ස්නේහ
දවසකට රඟන්නේ ද
ලෝකයට පෙනෙන්නට
අතීතය දුරස් වී
ලොවත් අද වෙනස් ඇත
වචනයක් පමණ ලග
ආදරේ රැඳී ඇත
ආටෝප සාටෝප
මවන්නට පෙනෙන්නට
මනින්නෙ ද ආදරය
මිනුම්දඬු ලෙසින් අද
සෙනෙහසක් ආදරෙන්
හදවතෙන් පුදන්නට
පෙම්වතුන් වීම වෙද
සැම දෙනට පෙනෙන්නට
භව කතරේ රැඳී ගත්
ආදරේ පිළිරුවත්
මා දකින සෙනේවත්
රුවයි සිදු යශෝධරාවත්
දුකෙ ද සතුටෙ ද රැඳී එක ලෙස
සසරෙ සිටි ඒ කතාවත්
ප්‍රේමයක බැදි අරුත පෙන්වයි
ලයන් රැදි ඒ බැඳීමත්
භවයෙන් භවයක පතා එන්නට
පෙරුම් පිරූ පෙම් පුරාවත්
ප්‍රේමයක නිසි අරුත් පෙන්වයි
පුදසුනක පෙම් කතාවක්
දිනන් සති ප්‍රේමයට ඉඩ කඩ
තබනු කිම ඒ බැඳීමුත්
ඉවතලන කැලි කසල ගොඩ මෙන්
විසි කරන් පෙම් නිමාවන්
හදවතක් හඳුනන්න බැරි හිත්
මවන අද ලෝ කලාවත්
නවම් මස දින වෙන් කරන් කිම
සැමරුමට පෙම් වෙලාවක්
සෙව් .....✍️



Godak lassanai
ReplyDelete♥️
ReplyDelete😍😍❤️❤️❤️❤
ReplyDelete����
ReplyDelete♥🤟🤟🤟
ReplyDeleteArthwath..lassanai
ReplyDeleteGood
ReplyDelete👍 good
ReplyDeleteLassanai
ReplyDelete🤩👏👏👏👏
ReplyDeleteElhhhhh
ReplyDelete👌✍️👏
ReplyDelete👍👍👍👍
ReplyDeleteEka patta👍
ReplyDeleteLassani
ReplyDeleteLassanai 👍
ReplyDelete👍
ReplyDeleteකාලීන සංවේදී පැදි ගොනුවක්
ReplyDeleteGodaak lassanai aruthbarai sewwa.....
ReplyDelete"මා දකින සෙනනේවත්
ReplyDeleteරුවයි සිදු යශෝධරාවත්" ... 🔥💙🙏
ගොඩක් ලස්සනයි ❤️
✍️👌👌
ReplyDeleteWow 🤩💛🥂
ReplyDeleteGodak lassany sew....❤️👌
ReplyDeleteEtta sew💝... Godak arthwath👌 lassanay💞...
ReplyDeleteඅනේ.❤
ReplyDeleteLassnyy
ReplyDelete🖤
ReplyDeleteBest👌👌
ReplyDeleteTHANKS ALL❤
ReplyDelete