සුදු පිරුවට 💔
හත් මාල පළඳිමින්
හිසේ තැලි බැන්දාට
දෑත් බැදි මල් පොකුර
හිනැහෙමින් දිලුනාට
හැඩකෙරූ ඔසරියත්
ගතේ රූ මවුවාට
නොසිතුවෙමි සළු පොටක්
සතුට ගිනි තබන්නේද
රතු රෝස මල් සැරසි
නිදි යහනෙ උන්නාද
නෙත් ඉබේ නතර වුනි
සුදු සේද ඇතිරිල්ලේ
අකුණු එක පිට වැදුණු
ගතක මෙන් අඩපණව
අතීතය සිහි කෙරුණි
නෙත් ඉදිරි රූ මවන
සුන්දරව සරසගත්
නිදියහන මග බලන
ගිනි ගොඩක් ඇවිලෙමින්
තිබෙන සැටි එහි දකින
තනිව වරදක් කෙරූ
බැලුමකින් නුබ බලන
කදුලු කැට ඉපිල්ලුනි
බුබුරමින් නෙත් වසන
දෙකපුලෙන් බේරුණත්
වේගයෙන් බිම සිඹින
දෙතැන අප තනි කෙරුණු
පිරුවටක් හැඩ බලන
සෙව්.....✍️



ගොඩක් ලස්සන අදහසක්..❤️❤️❤️👍👍
ReplyDeleteLassanai 🤩
ReplyDeleteLassanai 😍😍😍
ReplyDeleteWaaaaw
ReplyDeleteWaaaaw
ReplyDeleteSuper ❤️
ReplyDeleteLassany sew.❤️👌
ReplyDeleteHarim lassanay sew 🌹
ReplyDeleteSupiri sewwa....
ReplyDeleteආකර්ෂණීය පදබැදුමක් . ඉදිරියටත් කිරීමට අදහස් පහල වේවා 👌👌📌
ReplyDeleteThis comment has been removed by the author.
DeleteLassanai akka🤩🤩
ReplyDelete🔥💪💪
ReplyDelete👏👏👍✍️✍️
ReplyDelete✨Lassanai❤️
ReplyDelete����������
ReplyDelete👍👍👍👍
ReplyDeleteSuper 👌👌👌
ReplyDelete👍
ReplyDelete