විඩාබර ගිමන් මග
තනිකමක් උරුම දරා
මව් කුසින් උපන්නත්
සබදකම් පෙළගැසී
බැඳීමත් එක් කරත්
මා වුවත් මට නොවෙයි
අද පසක් කර කියත්
මියයද්දී ගෙන යන්න
හිස් පිටුව පෙරලුනත්
මොහොතකට තනිවෙමින්
බැලූ කල ලෝකයත්
යදම් මෙන් රැඳී ගත්
දුක් සතුටු ජීවිතත්
මනුදමුත් පාගමින්
ගොඩ ගැසූ වස්තුවත්
නොහැක අල්ලසටවත්
වළකන්න කර්මයක්
පටාචාරාවනුත්
කිසා ගෝතමියනුත්
පෙනෙන තෙක් මානේ
විසාලා නුවරකුත්
ඒදා ඒ බුදු වදන්
පසක් කර දෙන නමුත්
ඇති වීම් නැති වීම්
රැගෙන යන පිං පවුත්
හුදෙකලා ජීවිතේ
කියාදේ පාඩමුත්
සෙව්.....✍️


ගොඩක් ලස්සනයි ❤️
ReplyDelete❤️✨
ReplyDeleteලස්සනයි ගොඩක් ❤️💖
ReplyDeleteLassanai😍😍
ReplyDelete♥️👌✍️✍️✍️
ReplyDelete👏👏👏
ReplyDeleteඅර්ථවත් තවත් ලස්සනපද ගලපන්න ශක්තිය ලැබේවා.. 😍😍
ReplyDeleteLassanai
ReplyDeleteGodaak lassanay sew 🌹🌹🌹🌹
ReplyDeleteSuper....
ReplyDelete👍
ReplyDeleteLassanay sewwoo.❤️👌
ReplyDeleteSuperb
ReplyDelete