Friday, April 30, 2021

                 විඩාබර  ගිමන් මග 



 



තනිකමක්  උරුම දරා 
මව් කුසින්  උපන්නත්
සබදකම්  පෙළගැසී
බැඳීමත්  එක් කරත් 
මා වුවත්  මට නොවෙයි
අද පසක්   කර  කි‍‍‍‍‍‍‍‍යත්
මියයද්දී   ගෙන යන්න 
හිස් පිටුව   පෙරලුනත් 



මොහොතකට  තනිවෙමින්  
බැලූ කල  ලෝකයත් 
යදම් මෙන්  රැඳී ගත් 
දුක් සතුටු  ජීවිතත් 
මනුදමුත්  පාගමින්
ගොඩ ගැසූ  වස්තුවත් 
නොහැක  අල්ලසටවත් 
වළකන්න  කර්මයක් 



පටාචාරාවනුත්  
කිසා ගෝතමියනුත් 
පෙනෙන තෙක් මානේ 
 විසාලා නුවරකුත්
ඒදා ඒ බුදු වදන් 
පසක් කර  දෙන නමුත් 
ඇති වීම්  නැති වීම් 
රැගෙන යන   පිං පවුත් 
හුදෙකලා  ජීවිතේ 
කියාදේ   පාඩමුත්



                                              සෙව්.....✍️











13 comments:

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...