යශෝධරා 💔
බැඳුනත් දෑඟිලි හුයකින් එකිනෙක
කඩදහි කොලයක අයිතිය දුන්නට
නොබැඳුණු හදවත් එක් කර එකිනෙක
පෝරුව බැන්දට සොම්නස් බැඳගෙන
කාලය හිමිහිට වෙස් පෙරළන්නට
සැඟවුණු නළු නිළි එළියට එන්නට
ජීවිත රඟහල රඟ දක්වන්නට
එක්කල පවුලයි මා නුබ ලංකල
කිරිකැටි සිනහව සැම පතුරන්න ට
නිවහනෙ එළියයි පුතු ගෙන එන්නට
තනිකම හුරු සිත් විඩා නිවන්නට
මා ලද මැණිකයි පුත නුඹ සැමවිට
දින දින වෙන් වෙන හිමි නුබ ගැන තතු
මා හද අවුලයි සැඟවුණු ගිනි රතු
හීනෙන් කියවෙන නුබ ඔය නම් තතු
නින්දත් සග සඟවයි යහනත දුක් කදු
මහමග දුටුවිට නුබෙ රූ යන විට
බැඳි අත් අඟනක සමගින් වෙලිගෙන
අකුණක් විගසින් ළය මත වන්නට
රිදුනත් හදවත නෙත් තෙමවන්නට
මා පුතු මුව දැක දුක සඟවන්නට
මහ සවියක් විය ලයට දැනෙන්නට
සිප ගත්තේ මුව ගිනි රත් මුවගින්
පියනග යන්නට සැරසුනි හනිකෙට
දින සති කාලය හිමිහිට යන්නට
මා පුතු නුබගේ ලොව පිට ඉන්නට
සුරතල් පුතු මුව නුබ නොබලන්නට
ඇවිලෙන ගින්නෙක අප රඳවන්නට
කාලය මවමින් වෙන් කළ බැඳුමත්
නුබ මා එක්කල කඩදහි කොළයත්
හිනහැයි වෙන්වෙන කඩදහි කොළ මෙන්
සුනු කළ හදවත පාරන රසයෙන්
යන්නට යන නුබ වළකනු නොම වී
සිත් ගල් කරගමි පුතු රූ දුටුමී
සැනසුම සවියක් පුත නුබ සිතමී
තදකර මා ලයෙ පුතු සිපගත්මී.
සෙව්..✍️


අර්ථවත් වදන් පෙළක්.ඔබට ජය
ReplyDeleteLassanai 😍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👌👏👏✍️✍️✍️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍👍
ReplyDeleteLassanai😍
ReplyDeleteලස්සනයි ❤️
ReplyDelete💙🤗😍
ReplyDelete❤️❤👌👌niyamay
ReplyDelete❤️❤️❤️👌
ReplyDeleteSewwa❤❤❤
ReplyDelete🤩🤩❤️
ReplyDelete👍
ReplyDeleteWoow.. Supeb
ReplyDeleteBest
ReplyDelete