Friday, March 19, 2021

 අඩි  හයක අයිතියක් ..   




හිස් අතින් ලොව බලා 

මවු කිරෙන් කුස පුරා

හෙමි හෙමින් දණ ගගා

උස් මහත් වෙන සොබා 



අවධියෙන් අවධියක් 

නොදනීම  ලන්වෙලා

ජීවිතේ  ගලා යයි 

දුක සතුට  විඳ දරා



ලෝ උසස් මනුසතා

නමට නම් ගෙන දරා 

නොමනුදම්  කුහකකම්

පතුරවයි  ලෝ පුරා 



කටුකම්බි වැටි මැදින් 

වෙන් කරන මායිමත් 

කාසි කොල  ගොඩ ගසයි

සිත්  සතුටු   ගිනි තබා



මන්දිරත්  සිටු මැදුරු

ගොඩ ගැසූ  දිලෙන රන්

පොදි බැඳන්  රංගනට

සරසයි ද  රඟමඩල්



මරණයට  අත වනන

මායිමේ  ලඟ ඉඳන් 

පොදි  බැන්ද   සැම  දෙයත්

ගෙනියයි ද   ලං කරන් 



හැඩ කෙරූ   රූපයත්

අයිති  මිනි පෙට්ටගම්

අඩි හයේ   බිම් අඟල් 

සඟවගයි  පස් ගොඩන්


                                            සෙව් ...✍️




















7 comments:

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...