තිබහ නිවු කහට රහ
උදෑසන පෙරා ගෙන
හිස් බඩින් පාන්දර
මී දුමත් ඉරාගෙන
දළු නෙලන ඒ ඇඳුම්
මල්ලකට කොටාගෙන
කඩිසරව දුවන්නිය
බස් රථය බලාගෙන
හිරිගඩුත් මතුව එන
හීතලත් දරාගෙන
පිය නගයි නෙලන්නට
දිලෙන දළු හොයාගෙන
දෙතොල් රත් පැහැකරන
බුලත්විට හපාගෙන
කඩිසරව දළු නෙලයි
රළු දෑත් බැඳීගෙන
කුස ගින්න නිවන්නට
දෙන බතත් ඔතාගෙන
ගෙදර ගොස් කන බවක්
හෙමින් කොඳුරා කියන
අව් වැසිත් එක ලෙසින්
දෙන පදම් ලබාගෙන
දවස් පඩි ප්රීතියෙන්
සුරත මත තබාගෙන
බහින ඉරෙ පා තබයි
සිනා මුව පුරෝගෙන
ලයිමෙ මග බලා ඇති
දරුවො හිත රූ ඇඳේ
අගහිගය කඳු උසට
මැවී හද රිදුම් දෙයි
සෙමින් කඩමණ්ඩියට
හිස් යොමා පිය නගයි
ගුලි කෙරූ කොළ ටිකත්
එකින් එක මග හැරෙයි
කහට රැඳී ඇඟිලිතුඩු
සිලි කවර දවටගෙන
මග බලා නිවහනට
බස් රථයෙ ඉඩ හොයන
තෙරපෙනා මුහුණු මැද
විඩා හිත පොර බඳින
ඇයත් අද දුවන්නිය
කහට රැඳි ජීවිතයෙ.
සෙව්....✍️



👍👍👍👍👍
ReplyDeleteGreat 👍
ReplyDelete👍👍👍👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteGodk lassanai
ReplyDelete❤️
ReplyDeleteGood
ReplyDeleteMe wage nirmana digtama kranna..lassanai
ReplyDelete♥️♥️♥️👌👌👌
ReplyDeleteLassanai
ReplyDeleteSuper 👍
ReplyDeleteSuper sewwa😘
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete❤❤
ReplyDelete👏👏👏👍
ReplyDeleteLassanaii
ReplyDeleteLassanay sew 💝
ReplyDeleteLassany sew.❤️❤️
ReplyDeleteLassanai
ReplyDeleteහරිම ලස්සනයි සෙව්..😍
ReplyDeletelassanai
ReplyDeleteWoah 🥂💛
ReplyDeleteGood
ReplyDeleteLassana adahas pelak
ReplyDelete😍❤️❤️
ReplyDeleteNiyamay🥰
ReplyDeleteSuperb
ReplyDeleteTHANKS ALL ❤
ReplyDelete