Monday, February 8, 2021

තේ දළු නෙලන ලඳේ ❤

 




 තිබහ  නිවු  කහට රහ 

උදෑසන පෙරා ගෙන

හිස් බඩින් පාන්දර  

 මී දුමත්  ඉරාගෙන 

දළු  නෙලන ඒ ඇඳුම් 

මල්ලකට කොටාගෙන 

කඩිසරව දුවන්නිය

බස් රථය බලාගෙන



හිරිගඩුත්  මතුව  එන 

හීතලත්  දරාගෙන

පිය නගයි  නෙලන්නට

දිලෙන  දළු හොයාගෙන 

දෙතොල්  රත්  පැහැකරන 

බුලත්විට  හපාගෙන 

කඩිසරව  දළු නෙලයි 

රළු  දෑත්   බැඳීගෙන 



කුස ගින්න  නිවන්නට 

දෙන බතත්   ඔතාගෙන

ගෙදර ගොස්  කන  බවක් 

හෙමින්  කොඳුරා  කියන 

අව් වැසිත්   එක ලෙසින්

දෙන පදම්  ලබාගෙන 

දවස් පඩි  ප්‍රීතියෙන්

සුරත   මත තබාගෙන 

බහින ඉරෙ  පා තබයි 

සිනා  මුව  පුරෝගෙන 



ලයිමෙ   මග බලා ඇති

දරුවො  හිත   රූ  ඇඳේ 

අගහිගය  කඳු උසට  

 මැවී හද  රිදුම් දෙයි 

සෙමින්  කඩමණ්ඩියට 

හිස් යොමා  පිය නගයි 

ගුලි  කෙරූ කොළ ටිකත්

එකින්  එක  මග හැරෙයි 



කහට  රැඳී   ඇඟිලිතුඩු 

සිලි කවර   දවටගෙන  

 මග බලා   නිවහනට 

බස් රථයෙ  ඉඩ හොයන

තෙරපෙනා  මුහුණු මැද 

විඩා  හිත පොර  බඳින

ඇයත්  අද   දුවන්නිය  

කහට රැඳි    ජීවිත‍‍‍‍‍‍යෙ.


                                                සෙව්....✍️









28 comments:

  1. Me wage nirmana digtama kranna..lassanai

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හරිම ලස්සනයි සෙව්..😍

    ReplyDelete

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...