සුදු නෙළුම් ....🌼
මඩ ගොහුරු කිසිවිටෙක මිහිරිසේ නොදැනෙන්න
හමන්නට පිළිකුලත් ගත සිතට රහසේම
සගවගත් දිය කදන් ඇතිරි තණ පලසිනේ
උදහසක් නොදෙන්නට දැරූ වෑයමක සේ
ගොහුරු මඩෙ සගවගත් නෙළුම් බිජුවක් ලෙසේ
නොපෙනෙනා ජීවිතත් ගිලී ගණ කරුවලේ
නැගෙන්නට වෙර දරයි එරී ඇති මඩ ගොඩේ
පිපී සුදුනෙළුම සේ පියකරුව ලෝකයේ
ලෝකයා මිනුම්දඬු වෙන්කලත් නම් තබා
පරතරය හිස් දුවයි මිනිස්කම් පාගලා
ඇත්තන්ට ඇති සැටිත් නැත්තන්ට නැති සැටිත්
මංදිරේ ගෙපැල් තුළ රජ කරයි සිතුමතේ
දිළිඳුකම හිස ඔසට ගෙපැල් ගිනිබත් කරයි
නොපිරෙනා කුසට බත් ඇට සෙමින් ගිල දමයි
දියව යන සුදු ඇඳුම් සිත් දුකින් බිම බලයි
උගනින්න මහ හොඳට ගුරුගෙදර පිය නගයි
ඉඩෝරය නිමා වී වසන්තය පැමිණෙන්න
දුක සතුට සමදරා ජීවිතය ගැට ගසන
ගොහුරු දියෙ විකසිත ව පිපෙන්නට සුදු නෙළුම්
දරණ පිවිතුරු පැතුම් හැකිද සිඳ බිඳලන්න
පිපෙන්නට පෙර නෙළුම් නොදැක්කද කිසිවෙකුත්
පිපී දිය හැඩ කෙළේ සුවඳවත් ඒ නෙළුම්
බුදු පුදට පිදෙන්නට නොහැකි මුත් හැම පියුම්
විල් තෙරක් හැඩ කෙළේ මඩේ පිපී ඒ නෙළුම්
සෙව්...✍️



Best 👍❤️
ReplyDeleteBest 👍❤️
ReplyDeleteBest
ReplyDelete❤❤👍
ReplyDelete💛💛💛
ReplyDelete😊😊😊👌👌👌
ReplyDelete👍❤️👍👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood job 👍👌👏
ReplyDeleteහැමෝම නෙලුම් වෙනවනම් ලෝකය කොච්චර ලස්සනයිද ,අපූරු පදබැදුමක් 😍😍❤
ReplyDelete👍👍👍👍
ReplyDeleteLassanai
ReplyDeleteBest❤️❤️❤️
ReplyDeleteලස්සනට ලියලා ❤️🥂
ReplyDelete❤️❤️
ReplyDelete😍😍😍
ReplyDeleteLassanai💓👏👏
ReplyDeleteගොඩක් ලස්සනයි ❤️
ReplyDelete👍👍
ReplyDeleteLassanai
ReplyDeleteBest😍🎉️
ReplyDeleteSupirii 🔥❤️
ReplyDeletelassanai
ReplyDeleteLassanay anee..❤️👌
ReplyDeleteNiyamay 🤩🤩🤩
ReplyDeleteNice
ReplyDeleteනියමයි අක්කි
ReplyDeleteThanks all❤
ReplyDelete