Tuesday, February 2, 2021

සරසනා මරණයක් 💔

 




හෙමි හෙමින් ගැහෙන  හද

හිටි හැටියේ  නැවතෙද්දි

ළඟින් රැඳී  සියල්ලගෙ

සෝසුසුම්  රැව් දෙද්දී

ගත රැඳුණු  උණුහුමත්

සීතලව ගල්  වෙද්දි

කියූ නම්  මැකීගොස්

මළ මිනිය නම්  දෙද්දී



මගේ යැයි ලඟ රැඳුණු

අයත් ළඟ නැති වෙද්දි

මෝචරිය  නිවහනකි

මලමිණී ගොඩවෙද්දී

 ගැලූ ඒ  රුධිරයත්

තිබූ ඒ අත පයත් 

යකඩ ගල් වෙස් ගමින්

ගල් පිළිම  රූ වෙද්දි



ඔප දැමූ  සායමුත්

හෙමින් මුව හකුලද්දි

 සගවගත්  හැම දෙයක්

කැපුම් මත එළි වෙද්දි

මිනිස් කය මෙයම දැයි

සිතන්න ද  බිය දෙද්දි

අත් වැසුම් දැමු දෑත්

කුණු ගොඩක්  පාරද්දි



මහ බරට  තිබු  කයක්

හෙමින් හිස්  වී යද්දී

පුලුන්  රෙදි කැබලි ඇත

වසාගත් ගත් ගත ඇතුලේ

පෙන්වන්න ලස්සනත්

මවන්නට දඟලද්දී

මළ මිනිත්  හැඩවන්නි

අඩ කයක් සරසද්දි



මල් වඩම්  සැරසිලිත්

ඇත් දලත්  වටවෙද්දි

හැඬුම් හඬ

දස අතින් රැව් නැගී

පැතිරෙද්දී

කරමතින් සොහොන් ගෙට 

මාවතත් සැරසෙද්දී

සමුදෙන්න මං  හදපු

සුදු කොඩි ද ලෙල  දුන්නි.


                                                සෙව් ....✍️


























23 comments:

  1. ඇත්තටම ගොඩක් අරුත් බර පැදිපෙලක් ,ගොඩක් ලස්සනයි 👌

    ReplyDelete
  2. ගොඩාක් ලස්සනයි 😍

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. 👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  5. අරුත්බර අදහසක්

    ReplyDelete
  6. Niyamai sewwa...yaatharthawaadi wadhan pelak

    ReplyDelete

නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...