රතුපාට ටොපි කොලෙන්
නිල් අහසෙ හැඩ බැලුව
දොල අයිනෙ ගෙඹි පැටව්
මාළුවන් වී දුටුව
ඇඟ පුරා මඩ සුවඳ
ගෙයි පුරා පැතිරෙව්ව
හොර රහසෙ පොල්බෑව
දත් වලින් හැඩ කෙරුව
රැඳී ගත් දඟ කමක්
අතීතය හැඩ කෙරුව
වැලි බතුත් පොල් කට්ටෙ
ඉදෙනකල් මග බලපු
සිනාසෙන බෝනික්කෝ
මවක් වී නිදිකරපු
නොසැඟවූ කෙරූ දඟ
කෝටු පාරෙත් රැඳුන
උනු කඳුළු බිඳු පිහිද
සිනාසුනි මදහසව
සිහිනයකි එකල ඒ
සිත් අතරමං කරන
සුරපුරක් මවන්නට
නිමාවූ මතක පොත
නැවත යන්නට සිතෙයි
සතුට පිරි ඒ ලොවට
සෙව්...💖