සුවඳ පතුරා පැතිර
පිපෙන්නට නොහැකි වුව
මලක් වී හැඩරුවට
නෙත් ඇඳෙන රූ මවන
පුංචි මල් කැකුළු පොඩි
හිනෙහෙයි ද විකසිතව
බුදු පුදට මලක් වී
පිදෙන්නට වරම් නැති
වැටකඩුලු වෙන් කරන
තතු නොයෙක් එක් කරන
දුක්මුසුව හෙමි හෙමින්
හැඩකාරි පරව යන
සිත් පහද බැති සිතින්
බුදු නමෙන් පිදෙන්නට
සුවඳවත් වීම කිම
මල් කැකුළු පුදන්නට
පිවිතුරුව විකසිතව
මග බලන කුසුමකට
නමක් දී මිනීමල
ලෙසින් අද වෙන් කරන
නහර පිනවන සුවඳ
හමන්නට නොහැකි නුඹ
පුංචි හැඩකාරී ලෙස
පිපී හිනැහේ හෙට ද .
සෙව්.....✍️

