නොමැකෙන සේයා
අට පාස් ඇති එවුන්
නමක් නම් බැදි ඔච්චමින්
කට කොනින් හිනැහෙයි ද
සමච්චලයට ඇදලමින්
අතීතය යටපත්ව
බොදව යන
සිතුවම් ලෙසින්
යුද්දයත් අද මවයි
දියේ ඇදි ඉරි වෙස්ගමින්
කලගුණක් නොදන්නා
ජාතියක් බිහිවත්ම
මිනිස්කම් පා දමා
නොමනුදම් රජවෙලා
රට රකින අදහසත්
හදවතට ලංවෙන්න
හැම හිතක් හයියයි ද
යකඩ ලය මෙන් තබා
පවුල තම පසෙකලා
පණ නලුත් රැකුමෙලා
තබන්නට පියවරත්
රණබිමට සිත් සදා
නෙත් දෙකක් ඉදිරියේ
මරණයක් මගබලා
ඒ නමුත් තැබූ පිය
නැවත නැත හැර බලා
රටට තම පණ නලත්
පුද දෙන්න කැපවෙලා
වැදූ මා පිය
සෙනේ බිරි දරු
එක් සුසුම් මත රන්දලා
නිදහසක් රැක දෙන්න
ලයෙ බැදි
ඇදී යයි මරණය කරා
සයුර ගුවන ද
මිහිකතත් බැදි
ත්‍රිවිධ විරු ලය
සමව එකිනෙක ලංවෙලා
උරට උරදී කෙරූ සටනේ
මතකයන් අද ගොලුවෙලා
හෙලූ රුධිරය පිදූ ජීවය
උඩු සුළගෙ යයි පාවෙලා
අහිමි ජීවිත සැමරුමක විරු
කුලුණු අතරේ සැගවිලා
හැකි ද අපහට දිනක් වෙන්කර
පිදූ ඒ පණ නලට ජීවය
සමව තැබුමට හිස නමා
රටක නිදහස දුන්න විරු දෙව්
පුදන්නට අද වෙන්වෙලා
දුටුවමුත් අප
දෙවොලෙ සිටිනා
පිළිමයන් ලෙස දෙවිවරුන්
ජීවමානව දෙවිවරුන්වන්
නුබයි දිවිදුන් විරු දෙවුන්
සෙව් ......✍️


