Saturday, October 24, 2020

 නොහදුනන   හදවතක්                            

                     🖤  

 

අල්ලෙන්  පිස  දමා  දහඩිය  වැගිරු  බිදු 

දෑත්  දෙස  බලයි  සුසුමක්  නගා  නතු 

වේලක්  නොකා  පවුලක්  රැකගන්න  සිතූ

ඔහු  අරගලේ  ගෙනයන්නට  සමත්  විරූ 


නිවසේ  රජෙකි  ඔහු  සැම හද  දිනාගත් 

දූදරුවනට  ප්‍රිය  බිරිදට  සෙනේලත් 

දුන්නත්  නමක්  පොදුවේ  නම්  හදාගත් 

සැමිය ද  පියා  නම්  විය  ලයෙ  ලියාගත් 


ඇදිවත්  ඇති  නමුත්  වේලෙන  ඉඩෝරෙට 

උඩුකය   සිප  ගනී  රහසේ   හිරු   රිසියේ

දහසක්  වේදනා  දැනුනත්  ඒ  ගතට 

ලයක්  නොහදුනයි  ඒ  දුක්  විදි  ගැහැට 


උරමත  තබා  බර  කොදුගැටෙ  තියාගෙන 

හිස  බිම  බලයි   වෙව්ලන  පා තබගෙන  

ඉහිලිය  නොහැකි  වූවත්  බර  දරාගෙන

පියමන්   කරයි  යායුතු  දුර  බලාගෙන 


කන්නට  බත්  කටක්  රිසියේ   උයාගෙන 

කරවිල  පැණි  රහත්  උනි  දුක්  දරාගෙන 

වැටි  දා  බිදුත්  පවසයි   සිපගත්   පොළොව 

දවසක්   ගත  මරා  යයි  මිල  කර  දුකට 


දහසක්  දෙනෙත්  පිළිකුල්  කරමින්  බැලුවත් 

කහටක්   සිතේ  නොබැදුනි   හිත්  තියාගත්

නාට්ටාබි  පවසන  නම්   දරාගත් 

ඔහු    පියනගයි   ගන්නට   බර  වෙලාගත් 


                                                සෙව් .......✍️                       

                                                        


                          















Sunday, October 18, 2020

    දොම්නස් කදුලු බිදු



 දරාගත්  සෝසුසුම්  කියන්නට  ලෝකයට 
වචනයක්  වේය  නුබ  
සගවගත්  ලය මඩෙලෙ 
උනන්නට  ගලන්නට 
ලයට  එක් වී  එකට 
සැනසුමක්  ඉසිලුවේ  නොවෙ ද  හොර  රහසේම 

තනන්නට  වැව් අමුණු 
නොතිබුණත්  ගැලූ  බිදු
දෙකපුලෙන් වෑහෙමින් 
වැගිරෙමින්  ලය  තෙමා
යටි සිතක්  දබරයෙක
උඩු  සිතක්  හා  ගැටෙන
නිමාවක්  නෙත්  දරයි 
ගලන  ගගුලක  දිගේ

කන්නගී  කෝවලන් 
අන්දරේ  විරහවත් 
නැගූ  ඒ   කදුලු  බිදු
තනන්නට   ගිනි  පුලිඟු 
වියෝවක්  දරාගත් 
පතිනියක  හදවතක්
යසදරා වත ගොතක්
කෙලෙස නම්  පවසම් ද
දරාගත්  කදුලකුත්
නොවන්නෙද  සද  වතක්

ලෙසට මහමෙරු පරුවතක්
රලු  වුව ද  ගල්  මෙන්  සිතක්
විරහවත්   වියෝවත්  
හා  බැදුණු   දොම්නසත්
මුදු   මොලොක්   පියුමකට
පෙරලවයි   නෙත්   දෙකක්

කියන්නට  කරන්නට  
නොහැකි  වූ  දහක්  දේ
හදවතින්   හදවතට 
යාකරන  තොටුපොළක්
හබල්  දිය  රැලි  නගා
එගොඩ  මෙගොඩත්  කරන
විලස  නැගි  කදුලු  කැටි
ලය  දරයි   සිත්  සොරා 

ලෙයක් කිරකට හැරූ 
සෙනේ  වුව සොම්නසක් 
විටෙක  මහ  දොම්නසක් 
පෑරුව  ද  හදවතක්
යටකරන  වැහි වලාවක්
විරහවේ  කදුලැලිත්
උණුහුමේ වෙලාගත්
ගලයි  දිය ධරාවල්  
රක්ත වූ  නෙලුපුලුත් 




               
                                                   සෙව් .....✍️
 























Sunday, October 11, 2020

 ඉකි  බිදින හදවත්  💔


 සෙනෙහසේ දැවෙටෙනා                      ආදරේ  කිමිදෙමින් 

වැටි වැටි නැගිටින්න            සුලඟිල්ල දිගුකරන්

ජීවිතය දිනන්නට                          සෙත්  පැතූ ලය තුළින්

හිතන්නට ඉඩ තබයි                වැරදුනේ කිම කියා      


  

   කුසට  දරුවකු පැමිණි දින පටන් මව යන වචනාර්ථය උත්පාදනය කිරීමට අත්තිවාරමක් වන්නේය ය.මව ද පියා ද වශයෙන් භූමිකා රංගනයට අවතීර්ණ වන්නේ මෙම පසුබිමත් සමඟයි.පියා ලෙස ජීවිතේ බැරෑරුම් බවත් , පෝෂණය කිරීමට තමන්ට පවුලක් ඇති බවත් හිත් තුළ ජනිත කරන්නේ තම ලෙයින් උපන් දරුවා පිළිබඳ තම බිරිඳගෙන් ඇසෙන්නට වවත්ම ය. කාන්තාවක් ලෙස ජීවිතයට ලැබූ   උතුම්ම සම්පත වන දරු සම්පත් වෙත කාන්තාව උරුමකම් කීමත්  සමඟ ඈ ගත ගත කළ ජීවිතය තම දරුවා කෙරේ පරිවර්තනයක් කර ගනිමින් ලොව දකින්නට වෙර දරන පණ  කැටියා  සුවබර දරුවෙකු ලෙස බිහි කිරීමට තම ජීවිතය දස මසක් කුස දරමින් කැප කරයි .සුවහසක් මව්වරුන් ගතින්  පමණක් නොව සිතින් ද තම දරුවාට වෙන බලපෑම් පිළිබඳ සිතමින් සුවහසක් පහන් සිතුවිලි සිත් දරමින් ගර්භනී කාලය ගත කරයි .බීමට ගන්නා වතුර උගුරේ පටන් සීතල ජලය ද උණුසුම් ජලය ද තම දරුවාට බලපාන්නේ කෙසේද සිතමින්  පවා බීමට වතුර උගුරු පවා ගනු ලබන්නේ ද බියෙනි .  මව හා සමාන අයුරින් පියා ද  තමන්ගේ ලේ   වෙනුවෙන්  අනාගතය ගොඩ නැගීමට දහඩිය වගුරුවමින් ජීවිතය කැප කරයි .තම දරුවන් ලොව එළිය දකිත්ම වේදනාවේ උල්පතක් බදු  විළි  වේදනාව පවා අමතක වන මව්වරුන් තම දරුවන් අතට ගනිමින් සතුටු කදුලු හෙලයි . උපතේ සිට වැඩිවියට පැමිණෙන තෙක්ම කායිකවත්  මානසිකවත් දරුවන් පෝෂණය කරමින්  මව් පියන් ජීවිතයේ විදි දුක් ගැහැට දරුවන්ට නොපෙන්වා සිටීමට වෙර දරයි . 

          දරුවන්ගේ කදුලු දැකීමට පවා අකමැති සිනහව දැකීමට ප්‍රිය කරන ඒ වෙනුවෙන් ජීවිතය කැප කළ දෙමාපියන්   ඔවුන්  නොලැබි  සැප සම්පත් තම දරුවන්ට දීමට කැප වී කටයුතු කරයි . දෙමාපිය උනුහුමේ වැඩෙමින්  සමාජයේ  ඉහළ තලයට පැමිණි පසු  බහුතරයක් වූ දරුවන්  තම  මහලු  දෙමාපියන් ප්‍රතික්ෂේප කරයි . මෙය වර්තමානයේ අපට අසන්නට  දකින්නට ලැබෙන  සෝචනීය තත්වයක්  නොවේ ද??  .  කුඩා කළ තම කැත කුණු අතලමින් උන් උස් මහත් කර  සමාජයේ හොඳ නෝනා කෙනෙකු මහත්තයෙකු කළ පසු ඔවුනට අතීතය අමතක වීමත් ,  ගෝලීයකරණයට ලක් වූ සමාජයක් ලෙස වැඩිහිටි නිවාස බිහිවීම ක්‍රමයෙන් වැඩිවීමත් සමාජ පිරිහීමට හේතු සාධකයක් නොවන්නේ ද?? 


                     දරුවන්ට  බරක් වන තරමට දෙමාපියන් පිලිබද අධම මානසිකත්වයක් විචිත්‍ර සංස්කෘතිය ගොඩනගා අවසන් ය.   දෙමාපියන් මහ මග අතරමං කර යෑම්  සමාජයේ අපට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ .  නමුත් එම දෙමාපියන්ගේ සිත් තුල දරු සෙනේ අංශුමාත්‍රයක්වත්  අඩුවී නොමැත .  ඔවුන්ගේ එකම ප්‍රාර්ථනය වන්නේ ද  " දරුවන්ට කරදරයක් කරන්න එපා ..."  යන හදවතේ පැතුමයි .  අතීතයේ ලංකාවේ  ඉහළ සංස්කෘතියක් තිබුන ද වර්තමානයේ සමාජයේ  පිරිහීමට ලක්කරන මෙවන් දේ  අපට  නිරන්තරව  ජනමාධ්‍ය තුළ  වාර්තා වීම සුලබව  දකින්නට ලැබේ .   බලු කූඩුවක් තුළ තම මවක  දමා සිටි  සිදුවීම මෙයට කදිම  නිදසුන්   සපයයි . එසේම විශාල වශයෙන් ඉදි වීී  තිබෙන වැඩිහිටි නිවාස තුළ  සිටින  මව්පියන්  පිලිබද  තොරතුරු විමසීම්  කළ  අවස්ථා  වල  අධි සංවේදනීය  පුවත්  අපට හෙලිදරව්  වේ.  තවමත් තම දරුවන්  තමන් රැගෙන යාමට   එතැයි බලාපොරොත්තු ඇති දෙනත්  අයා  මග බලයි . ඇතැම් මව්පියන් පතන්නේ ද  තමන්ට එක් වරක් හෝ තම දරුවන්  බලාගන්නට ඇතිනම් යන  අහිංසක  බලාපොරොත්තුව  ඇතිව  දෙනෙත් පියා ගැනීමටයි . එ නමුත් ඔවුන්ගේ බහුතර අපේක්ෂා සුනු වෙමින් ඔවුන් ජීවිතයට සමුදෙයි .

 

             දෙමාපියන්‍ට  දරුවන් තම ජීවිතය වුවත් දරුවන් ලොකු මහත් වූ පසු ඔවුනට දෙමාපියන් ඉවතලන  භාණ්ඩයක් වන්නේ කිමද ??             

                               

යන ප්‍රශ්නයක අප නොසලකා හැරිය යුතු කරුනක්  නොවේ.  දෙමාපිය දූදරු සබඳතා මනාව ගොඩනැගීමක් පැතිරීමත්  නොවීම  ද   මෙම සමාජය  පිරිහීමට  මංපෙත් එළි කරයි . දරුවන්ට තම දෙමාපියන්ගේ දුක් දෝමනස්සයන්  නොතේරෙයි ද  ඔවුන් කෙදින හෝ දෙමාපියන්  වූ පසු  ඔවුනට ද  එම ඉරණම  අයිතිවන්නේ පරපරම්පරාගතව එන ලේ උරුමකම් වන්නාසේ  ය.  අතීතයේ අජාසත් කතා පුවත දූ දරුවන්ට  කියා දෙමින් මෙවන් දරුවන් ඇති නොවේවායි යන පැතුම් පතන   සමාජය වර්තමානයේ ඒ අයුරින්ම  අජාසත් දරුවන් සේ තම දෙමාපියනට සලකයි .මෙම සාධකය ඇතැම් අයුරින් වක්‍රව විමසා බලන විට පුද්ගලයන් තම  ආගමෙන් දුරස්ථ  වීමත් මෙයට ප්‍රබල ලෙස බලපා ඇත. තම තමන්ගේ ආගම් තුළ යහ මාර්ගයට  ඔවදන්    දෙනු ලබන ක්‍රියාපටිපාටි ඇතුළත්වේ . අතීත මිනිසුන් ආගම දහමට ළැදිව පව් කිරීමට ලැජ්ජා සහ බිය ඇතිව ක්‍රියා කළ තැනැත්තෝ වේ .එබැවින් අජාසත් පුතුන් බිහි වීමට ඉඩක් සමාජය විසින් ලබා නොදුනි . එනමුදු වර්තමානයේ පවට ඇති ලැජ්ජාව සහ බිය නොමැති කම සමාජය පිරිහීමට ප්‍රබල ලෙස බලපා තිබේ . 

                     දෙමාපිය නෙතට කඳුළක් ගෙන ඒම සාමාන්‍ය දෙයක් ලෙස වර්තමාන දූ දරුවන් නොසලකා හරින සංසිද්ධියක් වී හමාරය .වර්තමානයේ සංවේදී නොවන ඉලෙක්ට්‍රොනික් හදවත් නිර්මාණය වීම ආරම්භ වී මුල් අද්දවමින්   පවතී  . මෙය  වැඩිහිටි නිවාස   බිහි වීමට එහි එක් අතුරු ප්‍රතිඵලයක්  වේ. දෙමාපියන්ගේ දුක නොතේරෙන ,දෙමාපියන් ප්‍රතික්ෂේප කරන ,ඔවුන්ට කඳුළක් දීමට හැකියාවක් ඇති රොබෝ දරුවන් නිර්මාණය වීම අප මුලිනුපුටා දැමිය යුත්තේ නොවේද??  එය අප අප විසින්ම හෘදයට තට්ටු කරමින් ඇසිය යුතු ප්‍රශ්නාර්ථයකි.

 

පුයර නැති දැලි මුහුණ 

අදුරු කර ගෙන බලා

පිරිමදී මග බලන නෙත් යොමා

අද ඒ ද හෙට ඒ  ද 

සිත් පතයි නිරතුරා 

නෙත් අගින් කදුලකුත් 

නොදෙනීම වෑහුනා 


කම්මුලේ අත තියා පෙරලවයි පිටු

අතීතය  නම්  දින පොතේ 

මතකයන්  පිරි  රසකතා 

සිත ද  මිතුරෙකු  කර තබා 


මවක් වන්නට පියෙක් වන්නට 

ගෙපැල  සතුටම දුන්  සෙනේ

ලයම  ගිණිබත් කරයි මතකය

දිවෙන සිතුවිලි වෙත හඹා 


ඒ සෙනේ අද ඉඩෝරයකට 

හසු ව වියැකී ගිය නිසා 

සුසුම් ලයි ඉකි බිදූ කඳුලැලි 

පිස දැමූ අත්ලෙන් හඬා 


නිවහනක් ලෙස සිටින වැඩිහිටි 

නමුත් ඔවුනට වේය සිරකුටි 

හදට එකඟව සුසුම් ගන්නට 

නොමැත වරමක් බඹුන් දෙන්නට 


දෝත් බැඳි කොට 

සාදු කියූ අත් 

පතයි තෙරපෙන 

හදෙහි සිතුවිලි 

මියන්නට පෙර 

සෙනේ ලැබුමට 

ජීවිතයේ පණ වූව දරුවන් 




                                         සෙව් .......✍️



Friday, October 9, 2020

ඇය ද මවකි


ලේ මස් නහර හට පණ කවන 

හදවතේ ඒ ගැහෙන පණ නලට 

ජීවිතය ගෙන යන්න පණ පොවන 

වපර නෙත් කර බලන සුවහසක් ඒ බැලුම් 

ගල් සිතක් කර නිහඩ සිත 

සුසුම් ලන්නට දරන වෑයම් 

පිළිකුලෙන් ලොව බලයි  

විරිත්තන දත් ඇතිව 


තන පුඩු අගින් රක්ත ලේ 

ශ්වේත වර්ණව කිරට මුසුවී 

කිරට හැඩුම් ලන දරු සෙනේ හිත් දරා 

ලයට ලංකර තදින් 

සුසුම් ලන ඉකි බිදුම් 

දෙකපුලෙන් වෑහෙමින් 

වෙසග සිත පෙරලවයි 

මවකගේ මුදු සිතට 


කාසියට වැසුනු ගත මිල කරයි නිරුවතින් 

වවුලු මග එළිය වන 

ගොම්මනේ පාතබන 

නමට ඉරිකඩක් ඇති 

සෙනේ මහ මෙර දරන් 

සයනයක වැතිරෙමින් සුසුම් ලන ලය මඩල 

සලෙල සිත ලයට නොව කයට අත් දිගුකරයි

සරසන්න කාලයේ වටිනකම් 


වෙසගනක නම් දරා සිටියමුත් 

මවක නම් නම ඉරා 

ඇය ද යසදරාවකි අවජාත දරු රකින 

ලෝකයේ කුණු කතා ඇසූ කන් පිටතලා 

තනන්නට වෙර දරයි රජ පුතුන් 

ලය මඩල පසෙකලා 

මවක ගත යහන්ගත වෙසගනක සතපවා 


                                                     
සෙව් ....✍️







නොනිමි මතකයන් ...💖

රතුපාට ටොපි කොලෙන්  නිල් අහසෙ හැඩ බැලුව දොල අයිනෙ ගෙඹි පැටව්  මාළුවන් වී දුටුව   ඇඟ පුරා මඩ සුවඳ ගෙයි පුරා පැතිරෙව්ව හොර රහසෙ පොල්බෑව දත් වල...